හැඳින්වීම

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වර්ග කිලේ මීටර් 7.64 ක වපසරියකින් යුතු කළුතර නගර සභාව බහු වාර්ගික, බහු ආගමික සංයුතියක් ඇති මුළු ජනගහනය 32,273 (2012 සංගණනය අනුව) ජීවත්වන  භූමියකි.

ගරු සභාපතිතුමා ප්‍රමුඛ ගරු නාගරික මන්ත්‍රී හා මන්ත්‍රීවරියන් හා කාර්යය මණ්ඩලය විසින් කළුතර නාගරික ජනතාව වෙත කාර්යක්ෂම හා සඵලදායී පළාත් පාලන සේවාවන් ලබා දීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව කටයුතු කරනු ලැබේ.

කළුතර නාගරික ඔබ වෙනුවෙන් අප විසින් සපයන සේවාවන්

  • පරිසර හිතකාමී ලෙස නාගරික ප්‍රදේශය තුල එකතුවන කුණු කසල බැහැර කිරීම.
  • සුව පහසු ගමනා ගමන පහසුකම් සලසා දෙනු වස් නගර සභාව සතු මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම.
  • නගර බල ප්‍රදේශය තුළ වීථී පහන් පද්ධතිය නඩත්තු කරමින් රාත්‍රී ගමන් සුරක්ෂිතබව ඇති කිරීම.
  • මාතෘ හා ළමා සායන පැවැත්වීම හා දේශීය හා බටහිර වෛද්‍ය සායන පවත්වා ගෙන යමින් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතබව තහවුරු කිරීම.
  • අන පනත් වලට යටත්ව සැලසුම් සහගතව ක්‍රමවත් නගරයක් නිර්මාණය කිරීම සඳහා මානක සැලසුම්, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
  • පූර්ව ළමාවිය සංවර්ධනය කිරීම සඳහා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑම.
  • අසරණ, දූගීබවින් පෙලෙන්නන් සඳහා මහජන ආධාර ලබා දීම.
  • ළමා පුස්තකාලය මඟන් ළමයින් උදෙසාද මහජන පුස්තකාල මඟින් සියළුම පුස්තකාල පාඨකයින් උදෙසා ද පුස්තකාල සේවා සැපයීම සිදු කරයි.
  • හදිසි ආපදා අවස්ථාවන් වලදී අවශ්‍ය කාර්යක්ෂම සේවාවක් ගිනි නිවීමේ ඒකකය මඟින් සසපනු ලැබේ.