ගරු සභාපතිතුමාගේ පණිවිඩය

2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී අභිනවයෙන් පත් වූ කළුතර නගර සභාවේ ගරු සභාපති ලෙස මා පත් කර ගැනීමේ දී පක්ෂ භේදයකින් තොරව, සහජීවනයෙන් යුතුව, නගරයේ තිරසාර සංවර්ධනය ඇති කිරීම උදෙසා තීරණ ගැනීමේ ප්‍රථිපලයක් ලෙස සභාපති ලෙස මම පත් කිරීම පිළිබඳව මෙම නගර සභාවේ නාගරික මන්ත්‍රීන්ට හා මන්ත්‍රීවරියන්ට මාගේ කෘතඥතාවය පල කරමි.

කළුතර නගර සභාව පිහිටි පුණ්‍ය භූමිය ඉතා අනාධිමත් කාලයක සිටම වෙරළබඩ වෙළඳ නගරයකි. බහු ආගමික සහ බහු ජන වර්ග වලට අයත් ජනතාව සාමකාමීව ජීවත්වන මෙම පුරවරය තිරසාර සංවර්ධනයෙන් යුතු ප්‍රසන්න පුරවරයක් කිරීම මාගේ අරමුණයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මාගේ උපරිම ශක්තිය, කැපවීම හා කාර්යය මණ්ඩලය ඒ සඳහා මෙහෙයවීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය නායකත්වය ද නිරන්තරයෙන් දෙනු ලැබේ.

සාම ශ්‍රී දේශ ශක්ති එම්.එන්.එම්. අමීර්

සභාපති – කළුතර නගර සභාව