නගර සභාවේ ක්‍රියාත්මක අංශ

01.ආයතන අංශය

දැක්ම

තිරසාර සංවර්ධනයෙන් යුත් ප්‍රසන්න පුරවරයක් සඳහා යන ගමනට සහය වන මෙම සභාවේ මානව සම්පත මනා ලෙස කළමනාකරණය කිරිම

මෙහෙවර

පවත්නා නීති රාමුව තුළ විශිෂ්ඨ මහජන සේවයක් ඉටු කරනු පිණිස මෙම සභාවේ සේවය කරන මානව සම්පත මෙහෙයවීම සුභ සාධනය හා අභිප්‍රේරණය ප්‍රශංසාත්මක ලෙස ඉටු කිරිම

සේවාවන් සැපයීමේ අරමුණු

  • තිරසාර සංවර්ධනය සදහා මානව සම්පත පෙළ ගැස්වීම.
  • සේවක දැනුම කුසලතා වැඩිදියුණු කිරිම.
  • සේවක අභිප්‍රේරණය ඇති කිරිම.
  • යහපාලන මුලධර්ම ක්‍රියාත්මක කිරිම
  • ආයතනික සම්පත් හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරිම.
  • යහපත් මහජන ප්‍රතිචාර

02.පාරිසරික සෞඛ්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණ අංශය

දැක්ම

කසළ වලින් තොර වු පුරවරයක් හා සෞඛ්‍යෙයන් පිරිපුන් ජනතාවක්

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව කාර්යක්ෂම හා ඵලදායී සේවයක් තුළින් මනා සම්බන්ධීකරණයක් ඇති කොට නිසි කසළ කළමනාකාරීත්වයක් කරා ලඟා වීම මගින් සෞඛ්‍යයන් පිරිපුන් ජනතාවක් බිහි කොට කළුතොට තිරසාර සංවර්ධනයක් ඇති කිරිම.

සේවාවන් සැපයීමේ අරමුණු

  • කඵතර නගර සභා බල ප්‍රදේශය තුල අපද්‍රව්‍ය කළමනාකරණ විධිමත් කිරීම තුලින් නගර සභා සීමාව ප්‍රසන්න පුරවරයක් බවට පත්වීම.
  • නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර  සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  • නගර සභා බල ප්‍රදේශය තුළ ආහාර සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  • නගර සභා බල ප්‍රදේශය තුළ පාසල් සෞඛ්‍ය කටයුතු නංවාලීම.
  • නගර සභා බල ප්‍රදේශය තුළ පවතින කාර්මාන්තවල තත්වය ඉහළ නැංවීම.

03.කර්මාන්ත අංශය

දැක්ම

සැළසුම් සහගත පුරවරයක් බිහි කිරිම

මෙහෙවර

පවත්නා නීති රීති රාමුව තුළ විධිමත් පුරවරයක් තහවුරු කිරිම සදහා  අවැසි යටිතල පහසුකම් සැපයීම හා තහවුරු කිරිම

සේවාවන් සැපයීමේ අරමුණු

  • ලැබෙන ගොඩනැගිලි අයදුම්පත් හැකි ඉක්මණින් සැලසුම් කමිටුව වෙත යොමු කිරීම.
  • ලැබෙන සැලසුම් අයදුම්පත් හැකි ඉක්මණින් සැලසුම් කමිටුව වෙත යොමු කිරීම.
  • විථී රේඛා සහතික පත්‍ර නිකුත් කිරිම.
  • වාහන අළුත්වැඩියා කටයුතු විධිමත් කිරිම.
  • වාහන අනතුරු පිළිබඳව විධිමත් ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කිරිම.
  • වාහන අපහරණ කටයුතු විධිමත් කිරීම.
  • වාහන භාවිතයේ ගැටළු අවම කිරිම.
  • නව කාණු පද්ධති ඉදි කිරිම හා පවතින කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කිරිම.
  • නව බෝක්කු පද්ධති ඉදි කිරිම හා පවතින බෝක්කු පද්ධති අළුත්වැඩියා කිරිම.
  • සභා සීමාව තුළ ඇති අබලන් වු මං මාවත් පිළිසකර කිරිම.
  • සභාව සතු පොදු පහසුකම් සපයන ගොඩනැඟිලි සහ දේපළ ප්‍රතිසංස්කරණය කිරිම.

04.ආයුර්වේද අංශය

දැක්ම

ඉපැරණි වෛද්‍ය ඥානයේ විශිෂ්ටතම රෝගී සත්කාරයෙන් ආදර්ශමත් සෞඛ්‍යායතනයක් නිර්මාණය කිරීම තුළින් සමස්ථ සමාජයක් බිහි කිරීම

මෙහෙවර

තෘප්තිමත් කාර්යමණ්ඩලයක් සහ අවම සම්පත් තිරසාර ලෙස යොදා ගනිමින් හෙළ ඔසු භාවිතයෙන් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමට  දායක වීම අපගේ මෙහෙවරයි  

සේවාවන් සැපයීමේ අරමුණු

  • ප්‍රශස්ත ආයුර්වේද වෛද්‍ය සේවාවක් ලබා දීම සහ නිවැරදි ඖෂධ හඳුනා ගැනීම පිළිබඳව කඵතර නගර සභා සීමාව තුල ජීවත්වන ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීම.
  • දුර්ලභ හා වටිනා ඖෂධ සංරක්ෂණය කිරීම හා ව්‍යාප්ත කිරීම.
  • පවතින බෙහෙත් ශාලා සංඛ්‍යාව ගුණාත්මක රෝගී ප්‍රතිකාර සේවයක් පවත්වා ගත හැකි ලෙස දියුණු කර ගැනීම.
  • ප්‍රදේශයේ සියලුම ආයුර්වේද බෙහෙත් ශාලාවන්හි සේවය සඳහා ප්‍රමාණාත්මක කාර්යය මණ්ඩලයක් ඇති කර ගැනීම.
  • වෛද්‍යවරුන්ගේ හා කාර්යමණ්ඩලයේ දැනුම ආකල්ප දියුණු කර ඔවුන් අභිපේරණය කිරීම.
  • මූල්‍යම පහසුකම් වැඩි දියුණු කර ගැනීම මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ හා තාක්ෂණික උපකරණ මිල දී ගැනීමෙන් සේවාවේ ගුණාත්මක බව ඉහල නැංවීමට කටයුතු කිරීම.

05.ගිණුම් අංශය

දැක්ම

“ යහපත් මූල්‍ය පාලනයක් ඇති කිරීම.”

මෙහෙවර

පවතින මුදල් රෙගුලාසී චක්‍ර ලේඛ හා අණ පනත් වලට අනුකූලව නිවැරදි හා කාර්යක්ෂම මූලය පාලනයක් ඇති කිරීම හා පවත්වා ගෙන යෑම

සේවාවන් සැපයීමේ අරමුණු

  • ප්‍රශස්ත මූල්‍ය කළමනාකරණ පරිචයක් ඇති කර ගැනීම.
  • උපරිම ආදායමක් ජනනයවන පරිදි අතිරික්ත මූල්‍ය සම්පත් සංවර්ධන කටයුතු හ අයෝජන ලෙස යෙදවීම.
  • යහපාලන මූලධර්ම, ගිණුම්කරණභාවය වගවීම සහතික කිරීම.

06.ආදායම් අංශය

දැක්ම

“ ස්ව ආදායමෙන් නැඟී සිටින ආයතනයක් වීම.”

මෙහෙවර

“ සමාජ සාධාරණත්වය තුළ නවීන තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කර ගනිමින් නීතිමය රාමුවක් ඔස්සේ උත්පාදනය කර ගත හැකි හා රැස් කර ගත යුතු ආදායම් ප්‍රශස්ථ ලෙස රැස් කර ගැනීම තුළින් කළුතර නගර සභා බල ප්‍රදේශය තුළ යටිතල පහසුකම් හා මහජන උපයෝගිතා සේවා වැඩි දියුණු කරමින් ස්ව ශක්තියෙන් නැඟි සිටින ආයතනයක් බවට පත් වීම ”

සේවාවන් සැපයීමේ අරමුණු

  • සමස්ථ ආදායම මුළු මනින්ම රැස් කරගත් ආයතනයක් බවට පත් වීම.
  • බල ප්‍රදේශයේ ජනතාවට සපයන සේවා පුළුල් කිරීස මඟින් නව ආදායම් උත්පාදන මාර්ග හඳුනාගත් ආයතනයක් බවට පත් වීම.
  • හිඟ ආදායම මුළුමනින්ම රැස් කරගත් ආයතයක් බවට පත් වීම.
  • අතුරු ව්‍යවස්ථා සම්පාදනය කරගත් හා සම්මත අතරු ව්‍යවස්ථා වැළඳගත් ආයතනයක් බවට පත් වීම.