1.සතිය පුරාම කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද 1 හා කටුකුරුන්ද 11 ලෙස කලාප 04 බෙදා මුළු නගර සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි දෛනිකව ජනනය වන කසල එකතු කිරීම සිදු කරනු ලැබේ.
- බ්‍රහස්පතින්දා නොදිරන කසල එකතු කිරීම සිදු කරන අතර ඉතිරි දින 06ම දිරන කසල එකතු කිරීම සිදු කරනු ලැබේ.
- දිරන කසල අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කොම්පෝස්ට් අංගනය වෙත භාර දෙනු ලැබේ.
- පොලිතින් හා ප්ලාස්ටික් බේලින් යන්ත්‍රයට යොමු කර අලෙවි කිරීම සිදු කරයි.
- ඉ-වේස්ට්, වීදුරු හා යකඩ සෑම මසකම අවසාන සතියේ බ්‍රහස්පතින්දා ලබා ගැනීම.
2.දෛනිකව නාගරික මාර්ග ඇමදීම සිදු කරයි.
3.දෛනිකව කාණු පවිත්‍ර කිරීම සිදු කරයි.
4.මුළුතැන්ගෙයි ජනනයවන කසල වලට අමතරව ජනනය වන කසල මුදල් අයකර ලබා ගැනීම.
5.ව්‍යාපාරික ස්ථාන වලින් මුදල් අය කර කසල ලබා ගැනීම.
6.නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ, ප්‍රජා මූල සංවිධාන, වෙළඳ සංගම්වල සහභාගීත්වයෙන් 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර වීමට ජනතාව උනන්දු කිරීම.
7.කසල පොල පැවැත්වීමේ දිනයන් වෙබ් අඩවිය මඟින් හා ජංගම නිවේදන රථයක් මඟින් නගර වැසියන්ට දැනුම් දෙනු ලැබේ.
8.පරිසර පොලීසියේ සහයෝගයෙන් අවධිමත් ලෙස කසල බැහැර කරන්නන් සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග ගැනීම.