ගිනි නිවීමේ සේවාව

කළුතර නාගරික ජනතාවට මෙන්ම කළුතර අවට සියළුම ජනතාවගේ හදිසි අවස්ථාවක දී ඇතිවන ගිනි ගැනීමක දී, රිය අනතුර සිදු වූ පසු, ජල ගැලීමක දී හෝ වෙනත් අනතුරු දායක තත්ත්වයක දී අවශ්‍ය සේවා පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා ගිනි නිවීමේ ඒකකයේ සහය ලබා ගැනීමට හැකිවේ.

ගිනි නිවීමේ භටයන් 26 දෙනෙකුගෙන් යුතු ගිනි නිවීමේ ඒකකය කළුතර නගර සභා පරිශ්‍රය තුලම පිහිටා ඇත.

එමෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම දී ගිනි නිවාරණ සහතික ලබා දීම හා වාර්ෂික ගිනි රක්ෂණ සහතික ලබා දීම ද සිදු කරනු ලැබේ.

පොදු දුරකථන අංකය+94 (342) 228080
ගිනි නිවීමේ ඒකකයේ ස්ථාන භාර නිලධාරියා    +94 (719) 788553